කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.
කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිල ගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේම මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේ දී එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කුකුළු මස් ආනයනයට ද පියවර ගන්නා බව යි ඔහු ප්‍රකාශ කරන්නේ.
ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස් සහ බිත්තර ලබාදීම සඳහා ඒවායේ නිෂ්පාදනය වැඩි කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වෙනවා.

