දැරීමට සිදු වන අධික පිරිවැය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
වර්ෂයක දී ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 750,000 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් විශාල මුදලක් වැය වන බවටි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් දැනට ඇති සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ක්රමවේදයම ඉදිරියට ත් පවත්වාගෙන යන අතර නැවත ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව පසුකාලීනව සලකා බැලීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

