ChatGPT ගෙන එන Open AI සමාගම විසින් Android සඳහා ද ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
2022 වසරේ ඔක්තෝම්බර් සිට මේ වන තෙක් ChatGPT හි සේවාව ලබා ගත හැකි වූයේ එහි Web අඩවිය හරහා පමණක් වූ අතර එහි iOS සඳහා වූ ජංගම දුරකථන යෙදවුමක් පසුගිය මැයි මාසයේ දී හඳුන්වා දෙනු ලැබුවා.
Android සඳහා හඳුන්වා දෙනු ලැබූ යෙදවුම පළමුවෙන්ම ඇමරිකාව, බංග්ලාදේශය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලට download කර ගැනීමේ පහසුකම සලසා තිබුනා.
ආර්ජන්ටිනාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, එංගලන්තය, මෙක්සිකෝව, අයර්ලන්තය සහ පිලිපීනය යන රටවලට ද මේ වන විට එම යෙදවුම ලබා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් තවම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම Android යෙදවුම් පහසුකම ලැබී නොමැති අතර එම රටවල් සඳහා ද ඉක්මනින් එම පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි Open AI සමාගම සඳහන් කරනේ.
යෙදවුම Install කිරීමෙන් අනතරුව අලංකාර Interface එකක් ඔස්සේ පරිශීලකයින්ව පිළිගනු ලබන අතර ChatGPT හරහා ලබා දෙන තොරතුරු සමහරක සාවද්‍ය විය හැකි බවත් ඇතැම් සංවාද (Chats) අසම්පූර්ණ විය හැකි බවත් පරිශීලකයන් වෙත දැනුම් දෙනු ලැබීමක් ද සිදු කරනු ලබනවා.

