යෝජිත තෙල් නළයේ සක්‍යතා අධ්‍යනය අගෝස්තුවේ සිට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සකස් කිරීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සක්‍යතා අධ්‍යනයන් (නළය ඉදිකිරිම ආශ්‍රිතව වූ විශ්ලේෂණ කටයුතු ආදිය) ලබන අගෝස්තුවේ සිට ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දියාවේ තෙල් සමාගම් විසින් දැනුම් දී තිබෙනවා.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද යටින් එළීමට නියමිත නළය ශ්‍රී ලංකාවේ වව්නියාව දක්වා පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් පසුව එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්වා ද, අනෙක් නළ මාර්ගය මන්නාරම දෙසට ගොස් කොළඹ දක්වා ද ගමන් කරනු ඇතැයි ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කරනවා.

මෙම නළ මාර්ගය දෙපසටම ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ආකාරයට ඉදි කිරීම සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.