ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක්

අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එසේම ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

2023 ජූලි 30 වන දා උදෑසන 8.30 වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග මෙසේ ය.

ඔටෝ ඩීසල් – මෙ.ටො. 124,690
සුපිරි ඩීසල් – මෙ.ටො 5,651
පැට්‍රල් 92- මෙ.ටො 19,903
පැට්‍රල් 95 – මෙ.ටො 4,537
ගුවන්යානා ඉන්ධන – මෙ.ටො 26,539