ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මහජන අදහස් ඉල්ලයි

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සිය අදහස් ලබා දීමට කැමති පුද්ගලයින් සඳහා www.archives.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිපත්ති කෙටුම්පත download කර ගත හැකි අතර online ආකරයට සකස් කරන ලද පෝමරයක් හරහා අදහස් ඉදිරිපත් කළ හැකි වෙනවා.

එසේත් නැතිනම් ප්‍රතිපත්ති කෙටුම්පතෙහි දෘඩ පිටපතක් (hardcopy) ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ මහනුවර පිහිටි ශාඛා කාර්යාලයෙන් ලබා ගත හැකි වෙනවා.

2023 අගෝස්තු මස 07 වන දා දක්වා අදහස් ඉදිරිපත් කර හැකි වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 071 803 2247 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි වෙනවා.