දකුණු තුර්කියේ අඩානා පළාතේ රිච්ටර් මාපංකයේ 5.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ඉස්තාන්බුල් හි කන්දිලි භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ කම්පනය උදෑසන 08 ට පමණ සිදු වූ බවයි.
එහි කේන්ද්‍රස්ථානය කෝසාන් දිස්ත්‍රික්කයේ, අඩනා නගරයේ සිට කිලෝමීටර 64 ක් පමණ දුරින් සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් වාර්තා වී නැත.

