සර්වපාක්ෂික සමුළුවට සජබය සහභාගී වීමේ තීරණයක්

ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බව සමඟි ජාල බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නිදහස ජනතා සභාව නියෝජනය කරන පක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණ ද මෙම හමුවට සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය ඊට සහභාගී නොවන බවයි එහි ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත ය.