ක්‍රිමියාවේ හමුදා පුහුණු බිමක වෙඩි බෙහෙත් හා උණ්ඩ තොගයක් පුපුරයි

රුසියාව විසින් අත්පත් කර ගන්නා ලද ක්‍රිමියාවේ kirorvsky දිස්ත්‍රික්කයේ වූ හමුදා පුහුණුව සඳහා යොදා ගැනෙන බිමක ගොඩගසා තිබුණු වෙඩි බෙහෙත් හා උණ්ඩ තොගයක් ඊයේ පුපුරා ගොස් තිබෙනවා.

මෙම පිපිරිම සමඟ ගිනි දළු සහ දුම් විශාල වශයෙන් අහසට විහිදී ඇති අතර ඒ අසල වූ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය ද තවාකලිකව නතර කිරීමට සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ඒ අවට පදිංචිකරුවන් 2,000 කට වැඩි සංඛ්‍යාවකට සිය නිවෙස් අතහැර ආරක්ෂක ස්ථාන වලට යන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා.

මෙම හදිසි පිපුරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිසයිල ප්‍රහාරයක් නිසා සිදු වූ බවට සැක පළ කෙරෙනවා.