2023 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ෂයට පමණක් සීමාවෙන ආකාරයට අවම මට්ටම 40%ක් ලෙස සලකා කටයුතු කරන ලෙස පාසල් වලට උපදෙස් ලබා දී තිබෙනවා.
2020 – 2021 වර්ෂ දෙකේ දී පැවති කොවිඩ් -19 තත්ත්වය සහ 2022 වර්ෂයේ දී ඇති වු නොසන්සුන්තාවය නිසා සමහර පාසල් දරුවන්ට නියමිත ආකාරයෙන් පාසල් යාමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් පාසල් මට්ටමෙන් තීරණ ගැනීමට උපදෙස් ලබා දෙමින් ලිපියක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

