ඉන්ධන කෝටාව යළි ඉහළ ට

දැනට නිකුත් කරන ඉන්ධන කෝටාව ලබන අගෝස්තු මාසයේ දී යළිත් ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

ඉදිරි මාස 06 ක කාලය සඳහා ඉන්ධන ආනයන සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ සමාලෝචන ඇගයීමෙන් පසුව මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.