ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය මහනුවර දී

2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන සැප්තැම්බර් 02 වන දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා “A” සහ “B” කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වනු ලබනවා.

එහි දී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය “A” කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය “B” කාණ්ඩය යටතේ ද තරග වදිනවා.

ඉන් එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට තේරෙන අතර තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹ දී පැවැත්වෙයි