පැසිෆික් සාගරයේ එල් සැල්වදෝරයට ඔබ්බෙම් වූ වෙරළට ආසන්නව රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
භූ කම්පනය මධ්‍යම ඇමරිකාවේ Nicaragua සිට Guatemala වන ප්‍රදේශය දක්වා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කළේ, කම්පනය හට ගත් ලක්ෂ්‍ය එල් සැල්වදෝරයේ Intipuca සිට දකුණට වන්නට කිලෝමීටර 70 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැත.

