ආනයන සීමා නිසා රටට කෝටි 52 ක ඉතිරියක්

ඩොලර් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් ආනයන සීමා පැනවීම නිසා රටට මේ වන විට රුපියල් කෝටි 52,638 ක මුදලක් ඉතිරි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

භාණ්ඩ 286 ක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිපත් කරමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ආනයනික භාණ්ඩවලින් 82% කට පමණ ප්‍රමාණයකට එම පනවන ලද ආනයන සීමා වලංගු වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.