අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය සමාගම විසින් නිෂ්පාදිත තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කරන බව ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පාන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200 ක තොග මිලක් යටතේ අලෙවි නියෝජිතයින් වෙත අද දින සිට නිකුත් කරනු ලැබෙනවා.
එසේම මිලක් බ්‍රෑන්ඩ් තිරිඟු පිටි කිලෝවක නව සිල්ලර මිල රුපියල් 220 ක් වන බවයි අලෙවි නියෝජිතයන් පවසන්නේ.
තවද ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත ග්‍රින් තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 195 ක් ද, නව සිල්ලර මිල රුපියල් 210 ක් ද වෙනවා

