හිජාබය නොපළඳින කාන්තාවන් සොයා යළිත් ඉරාන පොලිසියේ මෙහෙයුම්

ප්‍රසිද්ධ ස්ථාන වල සිය හිසකෙස් සහ ශරීරය ආවරණය වන ලෙස කාන්තාවන් ඇඳුම් ඇඳ ඇත්තේ දැයි සොයා බැලීම සඳහා ඉරාන පොලිසිය යළිත් මුර සංචාර ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයේ හිජාබ් නීතිය නැවත වතාවක් බලාත්මක කරමින් එරට සදාචාර පොලිසිය විසින් මෙම විදී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හිජාබය නොපැළඳ මෙම නීතිය කඩ කළ බවට ඉරානයේ ටෙහෙරානයේ දී අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මහ්සා අමිනි නම් තරුණිය මිය ගොස් මාස 10 කට පසුව යි.

ඇගේ මරණයෙන් පසුව ඉරානය පුරා දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇති වීම හේතුවෙන් එම මුර සංචාර තාවකාලිකව නවතා දමනු ලැබුවා.