විශ්වාසභංගයට මම ලෑස්තියි – සෞඛ්‍ය ඇමති

විපක්ෂය විසින් ගෙන එන්නේ යැයි කියන විශ්වාසභංගයට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා.

තමාට ඇමතිකම එතරම් දෙයක් නොවන බවත්, ඕනෑම අවස්ථාවක ඇමතිකම අතහැර යාමට සූදානම් බවත්, අභියෝගවලට බියෙන් තමන් වගකීම් අත්හැර පලා යන්නෙකු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

කෙසේවෙතත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම ඒ සඳහා පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරුද්ධ බවත් වාර්තා වෙනවා.