1980 සිට NutraSweet සහ Equal වැනි වෙළඳ නාම යටතේ අලෙවි කරමින් ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් වන ඇස්පාටෙම් පිළිකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කර තිබෙනවා.
අඩු සීනි සහිත පැණි බීම (Diet Coke), අඩු සිනි චුයින්ගම්, ජෙලටින්, අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිශ්පාදන, උදෑසන ධාන්‍ය ආහාර, දන්තාලේප, කැස්ස සඳහා භාවිත කරන ඖෂධ සහ සපා කෑමට නිර්දේශ කරන ඖෂධ ඇතුළු නිශ්පාදන රැසක් සඳහා මෙම කෘතිම රසකාරකය භාවිත කරනු ලබනවා.
මෙම කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ විශේෂයෙන් අක්මාව ආශ්‍රිතව වර්ධනය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එක්ව පාලනය කරන ආහාර ආකලන පිලිබඳ විශේෂඥ කමිටුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම අනාවරණය සමඟ ආරක්ෂාකාරී ලෙස දෛනිකව පරිභෝජනය කළ හැකි ඇස්පාටෙම් සීමාවේ වෙනසක් සිදු කර නොමැති බවයි.
එම සීමාව ඉක්මවා යෑමට නම් කිලෝග්‍රෑම් 70 බරැති වැඩිහිටියෙකු විසින් ඇස්පාටෙම් මිලිග්‍රෑම් 200 ක් හෝ 300 ක් අඩංගු Diet Coke කෑන් 09 ක් හෝ 14 ක් පරිභෝජනය කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

