ලොඩියා හෙවත් Jelly fish නමැති නිඩාරියා වංශයට අයත් සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ සිට දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
වර්ග කිහිපයකටම අයත් Jelly Fish සත්ත්වයින් වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුල දී දැක ගත හැකි බවයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන සඳහන් කරන්නේ.
ශරීරයෙන් 95% ක පමණ ප්‍රමාණයක් ම ජලයෙන් පිරි ඇති මෙම සත්ත්වයා කුඩා බැලුනයක් ආකාරයෙන් දිස් වෙන අතර යටින් පිහිටා ඇති මුඛය වටා නූල් වැනි ග්‍රහිකා විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.
මෙම සත්ත්වයන්ගෙන් සමහර විශේෂ මිනිස් හමේ සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයන් ද ඇති විය අතර, ඒ හරහා ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බව වෛද්‍යවරයාගේ අදහසයි.

