කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය.

අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103 කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වී තිබෙන්නේ රුපියල් බිලියන 2.7ක් ලෙස යි.