සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවයි එහි දී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
එසේම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ.

