මේ මස ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගය ද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරන්නේ.
එසේම මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමට ද ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

