2022(2023) වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගොස්තු මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.
එසේම අපරදිග සංගීත විෂයට අදාළ ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු මස 06 වන ඉරුදින පැවැත් වේ.
පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදය කිසිදු වෙනස්කමකින් තොරවම මේ වසරේ ත් අනුගමනය කරමින් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රයෝගික පරික්ෂණයට අදාල විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911ට හෝ 011 2 784208, 011 2 784537 හෝ 011 2 786616 යන දුරකථන අංක ඇමතිය අමතා වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැකි ය.

