බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුධ ආධාර පැකේජයක්

බ්‍රිතාන්‍ය සහ G7 සාමාජික රටවල් විසින් යුක්රේනයට Challenger 2 වර්ගයේ පතරොම් විශාල ප්‍රමාණයක් මෙන්ම යුධ වාහන 70 කට අධික සංඛ්‍යාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් පමණ වටිනා යුධ ආධාර පැකේජය නේටෝ සංවිධනයේ අරමුදල හරහා ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

මේ සතියේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය.