අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේ දී විශ්වවිද්‍යාල බවට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව නැවතත් විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත්, මෙම විශ්වවිද්‍යාල හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බව ත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.
කෙසේවෙතත් මෙම නව විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය හිමි නොවන බව ටි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබෙන්නේ.

