දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ එක් අරමුණකි.
මේ වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස අදාළ කමිටුවට ඒ සම්බන්ධයෙන් වූ මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.
එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස යි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

