ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වෛද්‍ය සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් බව චක්‍රලේඛනයක් මෝටර් රථ ප්‍රවාහන කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
රියදුරු බලපත්‍රයක් සඳහා වූ වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත තමන් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන වාහන පන්තිය සඳහා අයදුම් කළ හැකි වීම, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයා විසින් අබාධිත අයදුම්කරුගේ වෛද්‍ය වාර්තාව ලබා දිය යුතු වීම ආදී වශයෙන් කරුණු 10 ක් යටතේ රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමට මේ අදාලව මෙම චක්‍රලේඛනය නිකුත් කර තිබෙනවා.
මේ වන විට ලක්ෂ 06 ක ආසන්න අබාධිත පුද්ගලයින් පිරිසක් මෙම රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කර ඇත.

