2022 වර්ෂයේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් වියදම එම වසරේ මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර ඇති නවතම වර්තාවක දැක්වෙනවා.
2022 වර්ෂයේ දී පමණක් මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214 ක් වෙනවා.
එසේම 2017 සිට 2022 යන වසර 06 දක්වා කාලය තුළ දී මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818 ක් බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

