මෑත ඉතිහාසයේ විශාලතම ජන ඒකාරාශී වීමට අදට වසරක් සපිරේ

“Gota Go Home” ලෙස එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින් ආරම්භ කරන ලද අරගලයේ එක සුවිශේෂී දිනයක් අද ට දී තිබෙනවා.

2022 වසරේ ජූලි 09 වන දා ශ්‍රී ලංකාවේ දස දෙසින් බස්රථ සහ දුම්රිය මඟින් මහා ජනතාවක් කොළඹට පැමිණෙමින් මෑත ඉතිහාසයේ විශාලතම ජන ඒකරාශී වීම සිදු වුයේ අද වැනි වූ දවසක ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් සංවිධානය කළ මෙම විරෝධතාවය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

එසේ ආරම්භ කරන ලද විශලතම උද්ඝෝෂණ මාලාවේ එක පියවරක් ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, හා අරලිය ගහ මන්දිරයට ඇතුළු වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කළහ.

2022 වසරේ අප්‍රේල් 09 වන දා කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වුණු “Gota Go Home” විරෝධතාවය මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන නැඟිටීම ලෙස සඳහන් කළ හැකිය.