රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් බදු කිහිපයක් අලුතින් හඳුන්වා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
එහි පළමු පියවර ලෙස ධන බද්ද, ඉඩම් බද්ද සහ බූදල් බද්ද යන බදු වර්ග හඳුන්වා දීමට යෝජිතව තිබෙනවා.
එමෙන්ම වැට් බදු නිදහස ලබා දී තිබු ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා යලිත් වැට් බද්ද පනවනු ඇති ද සඳහන් වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබා දුන් උපදෙස් මත වියදම් අඩු කරමින් ආදයම් අතිරික්තයක් ගොඩ නගා ගැනීම සඳහා මෙසේ නව බදු පනවනු ලැබේ.

