වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බව වාර්තා වන අතර, ඉන් රක්ෂිතයේ අක්කර සියයක් පමණ මේ වන විටත් ගිනි ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
වැල්ලවාය ප්රදේශයේ පවුල් විශාල ප්රමාණයකට පානීය ජලය ලබා දෙන ජල මූලාශ්රයක් සහිත සංවේදී පරිසර පද්ධතියක් ආශ්රිතව මෙම ගින්න හටගෙන තිබෙනවා.
මේ දිනවල ප්රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ගින්න නිසා රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වන සතුන් රාශියක් ම විනාශ වී ඇති බව යි වාර්තා වෙන්නේ.

