වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ගැන අනාවරණයක්

දැනට වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවට නිරීක්ෂණය වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසනවා.

ඒ අනුව, වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත් කර වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසයි රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ. ඒ, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යය සාධනය පිළිබඳ විමර්ශනය සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. ෂඹක්‍භ රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද කෝපා කමිටුව විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ අනුව, මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්ත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන්ද කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරෙන් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ බව හෝ හඳුනා ගෙන නැහැ. එම සතුන් අතරින් 300කට අධික පිරිසක් ඉන්ද්ියාවෙන් ගෙන්වා ඇති තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තෙක් එම සතුන් සත්ත්වෝද්‍යානය භාරයේ සිටින බවත් මෙහිදී අනාවරණ වුණා.
මේ අතර මෙරට වෙසෙන හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව අනූ හය දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ද`ළඳා මාළිඟාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. මෙරට පෙරහැර පැවැත්වීමේදී එය දැඩිව බලපාන බවයි ඔහු කියා සිටියේ.

Neth News