යුක්රේනයට පොකුරු බෝම්බ යැවීම සඳහා ඇමරිකාව විසින් ගෙන ඇති තීරණය අනුමත කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පොකුරු බෝම්බ හරහා සිවිල් වැසියන්ට විශාල හානියක් සිදු කළ හැකි වීම හේතුවෙන් බෝම්බ ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම ප්‍රමාද වූ බවයි ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් මෙම පොකුරු බෝම්බ ද අන්තර්ගත වුණු ඩොලර් මිලියන 800 (පවුම් මිලියන 626) වටිනා යුධෝපකරණ පැකේජය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබෙනවා.

