නව ආයුර්වේද පනත සම්මත වන තුරු වෙළඳාම සඳහා කංසා කලාප පිහිටුවීම නීති විරෝධී ක්‍රියාවක් බව දේශීය වැඩිය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරනවා.
ආයුර්වේද වෛද්‍යවරුන්ට පාරම්පරික ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාවට නීතිමය අවසරයක් ලබා දෙන 1961 අංක 31 දරන පැරණි ආයුර්වේද පනත මේ වන විට සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව රටට ආදායමක් උපයා දීමේ අරමුණින් අපනයනය සඳහා කංසා කලාප පිහිටුවීමට හැකි වෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

