ත්‍රිපෝෂ නිෂ්පාදනය වේගවත් කෙරේ

ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට දෛනිකව ඇසුරුම් 90,000ක ධාරීතාවයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය ප්‍රකාශ කරනවා.

පසුගිය කාලසීමාව තුළ අමුද්‍රව්‍යවල හිඟකම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වූ බව යි එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ.

එසේම ත්‍රිපෝෂ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ද නව තාක්ෂණික උපකරණයක් යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසනවා.