ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ඇතුළු මෙරට සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
සහනාධාර ලෙස පිටරටින් ආනයනය කරන ලද ඖෂධ භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇති වීම් සහ පුද්ගලයන් මිය යෑමේ සිදුවීම් කිහිපයක් ම පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී ම වාර්තා වුණා.

