අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ ප්‍රදේශ සඳහා අනියුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිසිය පවසන්නේ දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බවයි.
එසේම එම ප්රදේශයන්ගේ සිදු කළ සෝදිසි කිරීමක දී ඌරගස්මන්හංදිය, බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් ද සොයා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබෙනවා.

