ඉන්දීය ණය ගෙවීමට වසර 12 ක කාලයක්

ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට සහනයක් වන පරිදි මෙම පියවර ගන්නා බවයි ඉන්දීය අපනයන ණය ඇපකර සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.