ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනයට බෙල්ජියමෙන් සහය

ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය ලබා දීමට බෙල්ජියම් තානාපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ මෙරට වරාය හා නාවික ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනු යි.

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස මෙන්ම එම සංවර්ධන කටයුතු සඳහා බෙල්ජියානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ අවස්ථා ලබාදීමට ද හැකි බව අමාත්‍යවරයා එහි දී සඳහන් කර තිබෙනවා.

බෙල්ජියම් ආයෝජකයින් විසින් දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන යොට් යාත්‍රා අංගනයේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික තරුණයින් හට පුහුණුවක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.