මෙරට රත්තරන් මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 149,000ක් ලෙසය.
එසේම ඊයේ රු. 161,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 160,000ක් දක්වා අඩු වී තිබෙනවා.

