සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට කැබිනට් අවසරය

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමය යටතේ ඉදි කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ පිහිටි ජපාන රාජතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරමින් අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම කොළඹ – මාලඹේ LRT ව්‍යාපෘතිය 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් පවතී ආර්ථික අභියෝග හමුවේ ඒකපාර්ශ්විකව අහෝසි කළේ ය.