කොටස් හා සුරැකුම්පත් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා.

ඒ හරහා පසුගිය ජුනි 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇත.

එමෙන්ම භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා තිබෙනවා.

භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේ දී සහ නිකුත් කිරීමේ දී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.