අද සිට වෙනස් වෙන ලිට්‍රෝ ගෑස් මිල

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,982ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් සඳහන් වෙනවා.

මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව මිල පහත දැමූ සිව්වන වතාව වන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කලේ.