ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
පසුගිය දා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා මේ බව සඳහන් කලේ.
ඔහු පෙන්වා දෙන්නේ ගිනිකොණදිග කලාපයේ සිදුවන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට අනිවාර්යයෙන් යම් බලපෑමක් ඇති විය හැකි බවයි.
එසේම ලංකාවේ ඇති උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක් කර ඒවා ට භූ කම්පන තත්ත්ව වලට ඔරොත්තු දිය හැකි ද යන්න පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

