කැනඩාව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති පළ කිරීම වළක්වමින් එරට රජය විසින් නීතියක් සම්මත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ හේතුවෙන් Facebook සහ Instagram හි හිමිකාරිත්වය දරන Meta සමාගම විසින් සියලුම කැනේඩියානු පරිශීලකයින් සඳහා එම සමාජ මාධ්‍යන්හි වූ ප්රවෘත්ති සඳහා වූ ප්‍රවේශය අත්හිටවීමට පියවර ගන්නා බවයි නිවේදනය කරන්නේ.
එහි එක අදියරයක් ලෙස කැනේඩියානුවන් මිලියන 24 න් 1-5% අතර ප්‍රමාණයක් ගෙන මේ වන විට මෙම වාරණ ක්‍රියාමාර්ගයට අනුව ප්රවෘත්ති සඳහා ප්‍රවේශය අවහිර කර ඇති බවයි meta සමාගම පවසන්නේ.
එසේම Online ක්‍රමයට යම් සමාජ මාධ්‍යක ප්රවෘත්ති පළ කරන්නේ නම්, එම සමාජ මාධ්‍ය වල හිමිකාරිත්වය දරන සමාගම් විසින් කැනඩාවේ ජනමාධ්‍ය ආයතවලට ගාස්තු ගෙවීමක් සිදු කළ යුතු බව කැනඩා රජය දැනුම් දෙනවා.

