දින 12 ක ට පසු නැවතත් යුක්රේනයට ප්‍රහාර

දින 12 ක දිගු විරාමයකින් පසුව ඊයේ රාත්‍රියේ දී යුක්‍රේනයේ කීව් අගනුවර සහ මධ්‍යම මෙන්ම නැගෙනහිර ප්‍රදේශවලට ද රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

යුක්රේන වේලාවෙන් අලුයම 2 ට පමණ මෙම ප්‍රහාර ආරම්භ වී තිබෙන අතර පැයක කාලයක් පමණ ගුවන් ප්‍රහාර අනතුරු සංඥා සයිරන් නාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානයේ නිෂ්පාදිත ෂාහිඩ් වර්ගයේ ඩ්‍රෝන යානා සහ කෘෘස් මිසයිල මෙම ප්‍රහාර සඳහා යොදා ගෙන ඇති බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කරනවා.

එසේම යුක්රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම ඩ්‍රෝන් සහ මිසයිල වලින් විශාල ප්‍රමාණයක් බිම හෙළීමට සමත් බවත්, ප්‍රදේශයේ නිවාස රැසකට අලාභ හානි සිදුව ඇති බවත් එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.