රුපියල අතිප්‍රමාණය වෙයි

මැයි මාසය තුල දී ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 17.6% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 19.8% කින් ද, යුරෝ එකකට සාපේක්ෂව 14.5% කින් ද, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 16.5% කින් ද, ජපන් යෙන් එකකට සාපේක්ෂව 27.7% කින් ද රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

මහා බැංකුව සඳහන් කළේ රුපියල විදේශීය තරඟකාරීත්වයේ ද යම් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.