දකුණු ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

අද දහවල් කාලයේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිගට වන්නට වූ ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ දුරින් ගිණිකොන දිග මුහුදේ කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ද කම්පන තත්ත්වයක් දැනී ඇති බව යි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ .