ඉන්දියාවෙන් ආනයනය කොට බේකරි සඳහා ලබා දෙන බිත්තර වෙනත් වෙළඳසැල් වලට විකිණීම තහනම් කර තිබෙනවා.
රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ එසේ බිත්තර විකුණා හසු වුවහොත් එම විකුණන බේකරි වලට බිත්තර සැපයීම වහා නතර කරන බවයි.
මේ වන විට ඉන්දියාවෙන් බිත්තර දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන අතර දේශීය බිත්තර හිඟය අවසන් වී මිල ස්ථාවර වන තුරු ආනයනය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කලේ

