රුසියාවට අඛණ්ඩව සහය දීමට චීනය සූදානමින්

රුසියාවේ ජාතික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව චීනය ප්‍රකාශ කරනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ වසර 23 ක පාලනයට බරපතල අභියෝගයක් එල්ල කල වැග්නර් කුලී හමුදාව සිය කැරැල්ල අවසන් කළ පසුවයි චීනය මෙම ප්‍රකාශය සිදු කොට ඇත්තේ.

වැග්නර් කුලී හමුදා කඳවුරකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමක් හේතුවෙන් මෙලෙස එම හමුදා රුසියානු පාලනය යටතේ පැවැති ප්‍රදේශ ආක්‍රමණය කිරීම ආරම්භ කළා.

කෙසේවෙතත් පසුව එම හමුදා කැරැල්ල අත්හැර දමන ලද අතර මේ වන විට ඔවුන් බෙලරුසය බලා පිටත්ව ගොස් තිබෙනවා.